අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය සහ දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් VAT බද්දෙන් ආවරණය වන ප්‍රමාණ ප්‍රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ පීඩනය-අසහනය-දරිද්‍රතාව-දුක-කදුල-වේදනාව ඉහළටම ගෙන විත් ඇති බවත් ඊට අමතරව වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීම්වලට ලබා දුන් 15%ක ඉතුරුම් පොලිය පවා අඩු කර තිබියදී රටේ නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රටේ අධිකරණයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක බවට ජනාධිපතිවරයා පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් චෝදනා කර සිටියි.
ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන්න ආයතන තුන අතර සංවරණ සහ තුලන ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම මගින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ හැකි නමුත් රටේ ජනාධිපතිවරයා මේ වන විට අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි පළ කර අධිකරණයේ ක්‍රියාවලිය ගැන ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයෙක්-විස්තර විචාරකවරයෙක්-පුවත් මවන්නෙක් ලෙස කටයුතු කිරීම අධිකරණයට කරන අපහාසයක් සේම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය උල්ලංඝනය කිරිමක් සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමක් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සඳුදා (04) විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, රටේ ජනපති මේ ආකාරයෙන් කටයුතු කිරීම රටේ දේශපාලන නිදහසට, ප්රජාතන්ත්රීය අයිතියට සහ අධිකරණ ක්‍රියාවලියට සේම ප්රජාතන්ත්රවාදී ව්‍යූහයට එල්ල කරන මරු පහරක් බවය.
එම නිසා ජනතාවගේ කර පිට බදු බර පට වන බදු සූදුව වහා නවත්වා ජනතාවට සහන ද, වැඩිහිටියන්ගේ ඉතිරි කිරීම්වලට සාධාරණ පොලියක් ද, ලබා දෙන අතර අධිකරණයට බලපෑම් නොකර අධිකරණය ශක්තිමත් කිරීමට ජනපතිවරයා වහාම ක්‍රියා කළ යුතු බව ද හෙතෙම සඳහන් කරයි.
විනිසුරුවරුන් ගණනාවක් සිය උසස්වීම් සහ පත්වීම් වෙනුවෙන් අපේක්ෂාවෙන් සිටින නමුත් රජය ඒ පත් කිරීම් පවා සිදු කර නොමැති බවත් සිදු විය යුත්තේ රටේ අධිකරණය සහ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමින් ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන කුළුණු තුනෙහි බලතළ ආරක්ෂා කර සංවරණ සහ තුලන ක්‍රියාවලිය සුරක්ෂා කරනවා විනා අධිකරණ ක්‍රියාවලිය ගැන අනාවැකි ප්‍රකාශ කරන්නෙක් ලෙස ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීම බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
එසේම රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික සහ සමාජීය අයිතිය ශක්තිමත් කර ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු ඔවුන්ට හොද ජීවන තත්ත්වයක් ලබා දිය යුතු බවත් එසේ ක්‍රියා කිරීම ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ සමාජ ගිවිසුමක් වන බැවින් එම ගිවිසුම උල්ලංඝනය නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා ප්රමුඛ රජය ඒ දේ කළොත් විකල්ප ආණ්ඩුව ලෙස විපක්ෂය පෙරට පැමිණෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවයි.
Lanka Newsweek © 2026